
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුටුවැව ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක කණට ගැසූවේ යැයි කියන සිද්ධියකින්12 හැවිරිදි සිසුවකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි කපුගොල්ලෑව පොලිසිය පවසයි.
සිසුවාගේ කණට ගැසූ බව කියන ගුරු හිමිනම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අටවැනි වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා ඇතුළු එම පන්තියේ සිසුන් පසුගිය 31 වැනිදා විෂයක් උගන්වන ගුරුවරයකු පන්තියට නොපැමිණි නිසා පිට්ටනියට ගොස් සෙල්ලම් කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.
මේ අවස්ථාවේ ගුරු හිමිනම ක්‍රීඩා පිට්ටනියට පැමිණ සෙල්ලම් කරමින් සිටි සිසුන්ට කණේ පහර බැගින් ගසා පන්ති කාමරයට යන ලෙස දැනුම් දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පැවැසේ.
කණේ පහර කෑමට ලක්වූ සිසුවා නිවෙසට ගොස් තමාගේ කණකින් අධික වේදනාවක් දැනෙන බවත් ගුරු හිමිනම කණට ගැසූ බවත් මව සමග පවසා ඇත.
මව සිය පුතුගේ කණ පරීක්ෂා කර බැලීමේදී ලේ ගලා ගොස් ඇති බව දැක ඇය පුතු ද කැටුව කපුගොල්ලෑව පොලිසියට ගොස් මේ බව පැමිණිලි කර ඇත.
කපුගොල්ලෑව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණු මෙම සිසුවා පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා ඇති බව පොලිසිය පවසයි.
කපුගොල්ලෑව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart