
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදී එක් නිලධාරියකුගේ අත වීදුරු කැබැල්ලකින් කපා අනෙක් නිලධාරියාගේ අත සපා කෑ චීවරධාරියකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය වී ඇත්තේ කොටුව දුම්රියපළේදීය.
පොලිසිය පවසන ආකාරයට මෙම චීවරධාරියා එහිදී බීමතින් කලහකාරි ලෙස හැසිරී ඇත.
ඒ අවස්ථාවේ ඔහු පාලනය කිරීමට කොස්තාපල්වරයකු පැමිණ ඇති අතර එහිදී සැකකරු එම නිලධාරියාට පහරදී නිල ඇඳුම ද ඉරා දමා තිබේ.
එම කොස්තාපල්වරයාගේ සහායට පැමිණි අනෙක් කොස්තාපල්වරයාට ද සැකකරු විසින් පහරදී තිබෙන බව කියයි.
සැකකාර චීවරධාරියාගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart