
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිටකොටුව පීපල්ස් පාක් හි අවන්හලකදී සිසිල් බීම බෝතලයක දමා තිබු පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍යයක් පානය කිරීම හේතුවෙන් 19 හැවිරිදි තරුණියක් රෝහල් ගතකර තිබේ.
පසුගිය දෙසැම්බර් 31 වැනිදා මෙම තරුණිය සිය මව සමඟ ආහාර ගනිමින් සිටියදී බෝතල් කළ සිසිල් බීම වර්ගයක් ඇණවුම් කළ අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව තිබේ.
ආහාර ගැනීමෙන් පසු ඇය වමනය වීමට පටන් ගැනීමත් සමග කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පසුව ඇය ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇති අතර මේ වන විට ඇය සාමාන්‍ය වාට්ටුවක සුවය ලබමින් සිටී.
ආපනශාලාවේ ප්‍රධාන ශාඛාවේ තිබූ හිස් සිසිල් බීම බෝතල්වලට පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය පුරවා එවා තිබීම මෙම අත්වැරදීමට හේතු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
තරුණියගේ ඥාතීන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, පොලිසිය ආපනශාලාවේ සේවකයන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර පසුව සිදුකළ සොයා බැලීමකදී පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය අඩංගු තවත් එවැනිම බෝතල් කිහිපයක් සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart