
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සන්තකයේ පවතින වත්කම් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකිවූ කෝටිපතියෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නීතිවිරෝධීව වත්කම් උපයා ගත් බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස පෙරේදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත බව පොලිසිය අනාවරණය කරයි.
මෙම පුද්ගලයා තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා මෝටර් රථ 02 ක්, මීගස්ආර ප්‍රදේශයේ සැකකරු විසින් ඉදිකොට ඇති වායු සමීකරණය කරන ලද තෙමහල් නිවසක් සහ මිද්දෙණිය නගරයේ ඇති දෙමහල් ගොඩනැගිල්ලක් එහිදී නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
වසර දහයක පමණ කාලයක සිට සැකකරු තණමල්විල ප්‍රදේශයේ කංසා වගාකරමින් ඒවා බෙදාහැරීමේ ජාවාරමක මෙම පුද්ගලයා නිරතව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
එලෙස කංසා වෙළඳාමින් උපයාගත් මුදලින් මෙම දේපළ උපයාගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
සැකකරුට අයත් බව සැළකෙන වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart