
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර – වත්තේගම මගී ප්‍රවාහන බස් රථයක් තුළදී කාන්තාවකගේ කොණ්ඩයෙන් අඩියක පමණ කොටසක් කපා දැමූ මව්ලවි කෙනෙක් ලෙස සැළකෙන මුස්ලිම් පූජකයෙක් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පූජකයා තම කොණ්ඩය කපා දැමීම පිළිබඳ වින්දිත කාන්තාව කපා දැමූ සිය කොණ්ඩයේ කොටසද සමඟ මහනුවර පොලිසියට පැමිණ පෙරේදා (13දා) දැමූ පැමිණිල්ලකින් අනතුරුව අදාළ පූජකයා අත්අඩංගුවට ගෙන තිබේ.
27 හැවිරිදි වින්දිත තරුණිය පොලිස් පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටියදී තමන්ට පසුපස අසුනේ සිටි උක්ත පූජකයා කටුගස්තොට වට්ටාරන්තැන්න මංසන්ධිය ආසන්නයේදී කතුරකින් සිය කොණ්ඩය කපා දැමූ බවය.
ඒ බව දැනුණු වහාම කෑගැසූ තරුණිය සිද්ධිය සම්බන්ධව බස් රථයේ සෙසු මගීන් දැනුම්වත්කර ඔවුන්ගේ සහාය ඉල්ලා තිබේ.
එම අවස්ථාවේ කොන්දොස්තරවරයා සහ මගීන් කිහිපදෙනකු පැමිණ සැකකරු අල්ලාගෙන ඇත.
අනතුරුව බස් රථයේ පිටුපස දොරට අගුළු යොදා ඉදිරිපස දොර අසල පුද්ගලයන් කිහිපදෙනකු රඳවාගත් රියැදුරු සහ කොන්දොස්තර මගීන් බස් නැවතුම්පොළවල බස්සවමින් බස් රථය මහනුවර පොලිසිය වෙත ධාවනය කර තිබේ.
කපා දමන ලද අඩියක පමණ දිග කොණ්ඩා කොටසද සමඟ කාන්තාව මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකාර පූජකයා මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳ මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart