August 31, 2023

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය ඊශ්‍රායල් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයකු පොතුවිල් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරයක් සඳහා පැමිණ ඇති මෙම විදේශීය කාන්තාව උල්ල සංචාරක කලාපයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී මෙම ලිංගික අතවරයට මුහුණ දී ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇති සැකකරු 39 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි චන්දිමාල් නමැති අයකු බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.