
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කසිප්පු තිප්පොළකින් කසිප්පු පානය කළ බව කියන වයෝවෘද්ධ කාන්තාවක ඇයත් සමග කසිප්පු පානය කළ බව කියන අවුරුදු හතළිහක් වයස පුද්ගලයකු විසින් ඊයේ (16) උදෑසන ඝාතනය කර ඇතැයි හලාවත මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
මෙම කාන්තාව ඝාතනය කළේ යැයි කියන එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ බිංගිරිය මූකලන්ගේන ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි දෙදරු මවකි.
මෙම කාන්තාව කාලයක සිට කසිප්පු පානය කිරීමට ඇබ්බැහි වී සිටින තැනැත්තියක බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.
කාන්තාව සුපුරුදු පරිදි ඊයේ උදෑසන කසිප්පු පොළට පැමිණ කසිප්පු පානය කර කසිප්පු පානය කිරීමට එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයකු සමග යමින් සිට ඇත.
හලාවත සිප්පිකලාන විලත්තව මාර්ගයේදී ඇයට පහර දී ඝාතනය කර තිබෙන බව පොලිසිය කියයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගේ අධීක්ෂණය යටතේ පුත්තලම දිසාබාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ හලාවත කොට්ඨාසය භාර පොලිස් අධිකාරි පාලිත අමරතුංගගේ උපදෙස් මත හලාවත සහකාර පොලිස් අධිකාරි හපුආරච්චිගේ මෙහෙයවීම යටතේ හලාවත මූලස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart