
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ අවන්හලක තිබී දඩ මස් කිලෝග්‍රෑම් 174ක් සීගිරිය වනජීවී කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් සොයාගෙන තිබේ.
වනජීවී බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (17) සිදුකළ වැටළීමකදී සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
දඹුල්ල නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට මෙම දඩ මස් ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දඩමස් තොගය සොයාගෙන ඇත්තේ ශීතකරණවල අසුරා තිබියදීය.
විදේශීය මත්පැන් අලෙවියට සමගාමීව මෙම මස් අලෙවිය ද සිදුකර ඇත.
මස් තොගය සමඟ සැකකරුවන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart