
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක බැංකු විධායක මණ්ඩලය බ්‍රහස්පතින්දා (නොවැ 09) ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් අනුමත කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කෙරෙහි අවධානය යොමුකරමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලයේ මූල්‍ය හා ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මෙම අරමුදල ලබාදෙන බවයි.
“තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සහ ජනතාව ඇතුළු කුඩා තැන්පත්කරුවන්ගේ ඉතුරුම් ආරක්‍ෂා කිරීමට උපකාරී වේ. එය ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය පවත්වා ගෙන යනු ඇත, එය රට වඩා හොඳ තත්ත්වයකට ගොඩනැගීමේ තීරණාත්මක කොටසකි.” යැයි අදාළ නිවේදනයේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart