
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය රට බලා යෑමට පැමිණි ඊශ්‍රායල ජාතික තරුණියකගේ ගමන් මල්ලේ තිබී මිලිමීටර් 5.56ක ජීව උණ්ඩයක් සොයාගැනීමත් සමඟ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ආරක්ෂක නිලධාරීන් විසින් අද උදෑසන ඇය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය ඊශ්‍රායල හමුදාවේ සේවය කළ 22 හැවිරිදි අයකු බවට හඳුනාගෙන තිබේ.
සංචාරයක් සඳහා ඇය සිය මිතුරිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අද උදෑසන ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ FlyDubai Airlinesහි FZ-570 ගුවන් යානයට ගොඩවීම සඳහායි.
මෙම සජීවී උණ්ඩය සොයාගෙන ඇත්තේ ගුවන් තොටුපළේ දී සිදුකෙරුණු ආරක්ෂක පරීක්ෂාවකදීය.
උණ්ඩය සමඟ තරුණිය අද උදෑසන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාරදීමට ගුවන් තොටුපොළ ආරක්ෂක කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් සිදුකරනු ලැබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව ජීව උණ්ඩය සමඟ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart