
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තිකයන් අනිවාර්ය ලියාපදිංචිය, වෘත්තීය බලපත්‍ර ලබාදීම සහ ගුණාත්මකභාවය සහතික කිරීමේ නව ක්‍රමවේදයකට යටත් කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
සන්ඩේ ඔබ්සවර් පුවත්පතට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කර ඇත්තේ, ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දී ඇති අතර, ඒ සඳහා වන පනත් කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විට වේගවත් කර ඇති බවයි.
“යෝජිත අධ්‍යාපන සභාව මේ වන විට නීති කෙටුම්පත් කිරීමේ අදියරට පැමිණ තියෙනවා” යැයි පවසා ඇති ලේකම්වරයා, මෙම ආයතනය “හැකි ඉක්මණින්” පිහිටුවීමට රජයට අවශ්‍ය බව ද පෙන්වා දී ඇත.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක නිර්දේශ සහ ඉන් පසුව සිදුකළ සමාලෝචන මත පදනම්ව මෙම පියවර ගෙන තිබේ.
මෙරට සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමිතීන් සහ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් මෙම සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත.
මෙම අධ්‍යාපන සභාව මගින් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකයන්, ගුරු අධ්‍යාපනඥයන් සහ අධ්‍යාපන පරිපාලකයන් නියාමනය කරනු ලබයි.
ප්රමිතිකරණය, ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම, ගුණාත්මකභාවය සහතික කිරීම සහ පිළිගැනීම ලබාදීම (accreditation) මෙහි ප්‍රධාන කාර්යයන් අතර වේ.
එමෙන්ම ගුරුවරුන්ගේ සාර්ථක නිරන්තර වෘත්තීය සංවර්ධනය උදෙසා වෘත්තීය ඇගයීම් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් (professional rating system) ද හඳුන්වාදීමට සැලසුම් කර ඇත.
සමස්ත අධ්‍යාපන ක්ෂේත්රය තුළම ඉහළ ප්‍රමිතියක් පවත්වාගෙන යෑම සහ දිරිගැන්වීම අරමුණු කරගනිමින් මෙම නව ව්‍යූහය පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙත ද ව්‍යාප්ත කරන බව ලේකම් නාලක කළුවැව වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart