
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන කාර්යාල කාර්ය සහායකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
හෝකන්දර දකුණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 265 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් ද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවන හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු මාලඹේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart