
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් 5,000ක අල්ලක් ලබා ගැනීමට ගිය පුත්තලම ක්වාසි අධිකරණ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පුත්තලම ක්වාසි අධිකරණයෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළ දික්කසාද සහතිකය ලබාදීම සඳහා සැකකරු විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart