
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන ගණනක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටින් රැගෙන යෑමට උත්සාහ කළ විදේශීය යුවළක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේදී ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සාමාගමේ ආරක්ෂක අංශ විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
පිටත්වීමේ පර්යන්තයේ දොරටුව අසලදී සැකකටයුතු ලෙස හැසිරුණු විදේශීය යුවළගේ ගමන් මලු ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරිනියක විසින් පරීක්ෂා කළ අවස්ථාවේ එම මැණික් සොයාගැනීමට හැකි වී තිබේ.
මෙම යුවළ ජපන් ජාතිකයන් බවට හඳුනාගෙන ඇත.
ඔවුන්ගේ ගමන් මලු එක්ස් කිරණ ස්කෑනර් යන්ත්‍ර හරහා යයැවූ අවස්ථාවේ විවිධ වර්ගයේ කුඩා වටිනා ගල් රැසක් සහිත කුඩා මල්ල සොයා ගැනීමට හැකි වී ඇත.
වාර්තා වන පරිදි මොවුන් රහසිගතව රැගෙන යෑමට උත්සාහ කළ මෙම වටිනා ගල් පිළිබඳ ප්‍රකාශ කිරීමට හෝ පැහැදිලි කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ.
මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව එම යුවළ සහ මැණික් තොගය වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දී ඇත.
මෙම මැණික් තොගයේ වටිනාකම රුපියල් මිලියන ගණනකට වඩා වැඩි වුවද, නියම ප්‍රමාණය සහ තක්සේරුව තීරණය කරනු ලබන්නේ රේගු නිලධාරීන් විසින් බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සාමාගම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart