August 13, 2023

එංගලන්තයේ හන්ඩ්‍රඩ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ බර්මින්හැම් පෝනික්ස් කණ්ඩායම හමුවේ තරගයේ අවසන් පන්දු  තුනේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට වේල්ස් ෆයර් කණ්ඩායම නි⁣යෝජනය කළ එංගලන්තයේ සබ්නිම් ඉස්මයිල් ඊයේ සමත් විය.

ඇය නියෝජනය කළ වේල්ස් ෆයර් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් පන්දු 100 අවසානයේ කඩුලු 07ට ලකුණු 137ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ බර්මින්හැම් පෝනික්ස් කණ්ඩායමට ඔවුන්ගේ ඉනිමේ අවසන් පන්දු තුනට තරගය ජයගැනීම සඳහා ලකුණු 04ක් ලබාගැනීම⁣ට නියමිතව තිබිණි.

එහිදී පන්දු යවමින් සිටි වේල්ස් ෆයර් කණ්ඩායමේ සබ්නිම් ඉස්මයිල්, අවසන් පන්දු තුනේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය ලබාදුන්නාය.