
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සෙනසුරාදා බෙලරුස් සිට පෝලන්තයට අනවසරයෙන් යෑමට උත්සාහ කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 160 දෙනකු අතර ශ්‍රී ලාංකිකයන් ද සිටින බව ස්කයි නිව්ස් (Sky News) වාර්තා කරයි.
දේශසීමා නිලධාරීන් උපුටා දක්වමින් ස්කයි නිව්ස් වාර්තා කර ඇත්තේ, සෝමාලියාව, ඊජිප්තුව, ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු 160 දෙනකු පෙරේදා පෝලන්තයට ඇතුළුවීමට උත්සාහ කළ බවයි.
සිරියානු ජාතිකයන් සිව්දෙනකුට සහ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකුට පෝලන්තයට යෑමට උපකාර කිරීමට උත්සාහ කළ යුක්රේන ජාතිකයන් තිදෙනකු ද එහිදී අත්අඩංගුවට ගත් බව ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.
නීතිවිරෝධී ලෙස දේශසීමා හරහා ගමන් කිරීමට සහාය ලබාදීම්වලට සහාය වීම මත පමණක් මේ වසරේ දැනටමත් 500කට අධික පිරිසක් බලධාරීන් රඳවාගෙන තිබේ.
පෝලන්ත දේශසීමා ආරක්ෂක ප්‍රධානියා පවසන්නේ ජනවාරි මාසයේ සිට පුද්ගලයන් 19,000 ක් නීතිවිරෝධී ලෙස දේශසීමා තරණය කිරීමට උත්සාහ කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart