
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විනිසුරුවරුන් විශාල පිරිසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ, එසේ චෝදනා එල්ල වී ඇති විනිසුරුවරුන් පිරිසක් තමන්ගේ වැඩ තහනම් කිරීමට පෙර අධිකරණ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ‘සිළුමිණ’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, වැඩ තහනම් කිරීමේ සිදුවීමකින් පසු නැවත නීතිඥ වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන්ද ගැටලු මතුවන නිසා මෙසේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර මහෙස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් රැසකගේ වැඩ තහනම් කෙරුණු අතර, පසුගිය සතියේ මහාධිකරණ විනිසුරුවරයකුගේ ද වැඩ තහනම් කෙරිණි.
අධිකරණ සේවා කොමිසමට ලැබුණු පැමිණිලි පිළිබඳ පුළුල් විමර්ශනයකින් පසු මේ තීරණ ගනු ලබයි.
මීට පෙර මතුගම මහෙස්ත්‍රාත්වරිය මෙසේ චෝදනා එල්ල වීමෙන් පසු අධිකරණ සේවයෙන් ඉවත් වූවාය.
පසුගිය අගෝස්තු 10 වැනිදා ‘සිළුමිණ’ ප්‍රධාන ශීර්ෂපාඨයේ සඳහන් කළේ ‘විනිසුරුවරුන් 70කට චෝදනා – දවස් 10කදී හයකගේ වැඩ තහනම්’ යනුවෙනි.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ වර්තමාන සභාපතිවරයා වන්නේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ගාමිණී අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ කොමිසමේ සාමාජික අසුනට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා පත්කෙරිණි. එම කොමිෂන් සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart