
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කන්කසන්තුරේ වරාය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී තිබේ.
වරාය, නාවික සහ ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
ව්‍යාපෘතියේ කොටසක් ලෙස නව දියකඩනයක් ඉදිකරන අතර ගැඹුරු යාත්‍රාවලට පැමිණීමට හැකිවන ලෙස වරාය මීටර් 30ක් ගැඹුරට හෑරීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී දෙරට අතර කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ඉන්දියාවේ කැපවීම ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.
ඉන්දීය සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උපරිම සහය ලබාදෙන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.
ඉන්දීය සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාව නම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ගුවන් සේවා සහ නාවික ක්ෂේත්‍ර සඳහා ඉන්දීය රජය ලබාදුන් සහයෝගයට ශ්‍රී ලංකා රජය සහ තම අමාත්‍යංශය වෙනුවෙන් ඇමැතිවරයා කෘතඥතාව පළ කළේය.
චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කිරීම ඔහු විශේෂයෙන් අගය කර තිබේ.
තවද, ඉන්දියානු සංචාරකයන්ගේ පහසුව සඳහා කන්කසන්තුරේ වරායේ කෙරෙන රුපියල් මිලියන 600ක සන්වර්ධන් කටයුතු ද ඇමැතිවරයා සඳහන් කළේය.
පසුගිය මාස නවය තුළ සැළකිව යුතු ඉන්දීය සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
ඩොලර් මිලියන 61.5ක ප්‍රදානය කන්කසන්තුරේ වරායේ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන බව ඇමැතිවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart