
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නගරයේ විවිධ ආයතනවල සහ නිවාසවල සවිකර තිබූ වායු සමනයකරණ යන්ත්‍රවල බාහිර කොටස් කොල්ලකෑමේ ජාවාරමක් පොලිසිය විසින් හසුකර ගෙන තිබේ.
ත්‍රිපුද්ගල කල්ලියක් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ජාවාරම සිදුකර ඇත්තේ මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සහ සොරකම් කරන ලද ත්‍රිරෝද රථයක් සන්තකයේ තබාගෙනය.
සැකකරුවන් සන්තකයේ තිබු භාණ්ඩ සහ කොල්ලකෑම් සිදුකිරීමට යොදාගත් ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇත.
එම භාණ්ඩ අතර වායු සමනයකරණ යන්ත්‍ර 15ක්, වායු සමනයකරණ සොරකම් කිරීමට භාවිත කළ උපකරණ සහ හෙරොයින් ග්‍රෑම් 10ක් තිබූ බව මාලිගාවත්ත පොලිසිය අනාවරණ කළේය.
සුපිරි වෙළඳසැල් දෙකකින් වායු සමනයකරණ යන්ත්‍ර සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ජාවාරම වැටළීමට හැකිව තිබේ.
හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමත් සමඟ වායු සමනයකරණ ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart