April 9, 2026

කොළඹ අක්‍ෂි රෝහල ඇතුළු ජාතික රෝහලේ විවිධ සායන සඳහා පැමිණෙන රෝගීන්ගේ ගමන් මලු සිදුරු කර ඒවායේ ඇති මුදල් පසුම්බි, ජංගම දුරකථන වැනි වටිනා භාණ්ඩ සොරාගැනීමේ කල්ලියක් හේතුවෙන් එම රෝගීහු අසරණ වී සිටින බව වාර්තා වේ.

කලක සිට ක්‍රියාත්මක වන මෙම සොර කල්ලිය රෝගීන් බහුලව ගැවසෙන ස්ථාන වෙත ගොස් කෘත්‍රිම තදබදයක් ඇතිකර කුඩා පිහි තලයකින් ගමන් මලු කපා ඒවායේ ඇති වටිනා භාණ්ඩ සොරකම් කරන බවට රෝගීහු කියති.

කොළඹ අක්‍ෂි රෝහලේ ඊයේ (08 දා) සායනය සඳහා පැමිණ සිටි කාමර අංක 1, 2, 5 යන ස්ථානවල රැඳී සිටි කාන්තා රෝගීහු කිහිපදෙනෙකුට ද මෙම අකරතැබ්බයට මුහුණ පෑමට සිදුව තිබේ.