July 25, 2025

වැඩබලන පොලිස්පතිවරයාගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් විද්‍යුත් තැපෑල හා whatsapp මඟින් මේ දිනවල සංසරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

නිල පොලිස් සන්නිවේදනයක් ලෙස පෙනී සිටින අදාළ වංචනික PDF ලේඛනයක්

[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]

යන විද්‍යුත් තැපැල් ලිපිනවලින් පුළුල් ලෙස බෙදාහැර ඇති බව පොලිසිය සිය නිවේදනයෙන් කියා සිටියේය.

මෙම විද්‍යුත් තැපැල් ලිපින කිසිවක් ශ්‍රී ලංකා පොලිසියට හෝ කිසිදු රජයේ නිලධාරියකුට සම්බන්ධ නොවන බව පොලිසිය තහවුරු කරයි.

එවැනි අන්තර්ගතයන් මගින් නොමඟ නොයන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.