
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැල්ලවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටී විදේශිකයකු මියගොස් ඇත.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බිරිඳ සමග ගමන් කරමින් සිටි මෙම විදේශිකයා දෙහිවල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ විදේශිකයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙක් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart