January 3, 2026

වැලිගම වෙරළබඩ මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 42 හැවිරිදි ස්ලෝවැකියානු ජාතිකයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අදාළ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ ජීප් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරින් විදේශීය ජාතිකයා බරපතළ තුවාල ලබා වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි