
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘මොරල්ලා’ මාළුවෙකුගේ ප්‍රහාරයකට ලක්වූ යාපනයේ ධීවරයකු මියගොස් තිබේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජේ.සුදාගරන් පවසන පරිදි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ මේ මස මුලදීය.
තියුණු හොටක් වැනි දිගු වූ හනුවක් සහිත ‘මොරල්ලා’ මසුන් පියාමැස්සන් මෙන් හදිසියේ ජලයෙන් ඉහළට පනින බව වාර්තා වේ.
අදාළ සිද්ධියේදී මත්ස්‍යයා ගැටී ඇත්තේ ධීවරයාගේ ගෙල ප්‍රදේශයටය.
ගෙල සිදුරුවීමෙන් අධික රුධිරවහනයක් සිදුව තිබේ.
කුඩා මෝටර් බෝට්ටුවකින් ධීවරයින් දෙදෙනෙකු රාත්‍රියේ මුහුදේ යාත්‍රා කරමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇත.
සිද්ධිය වන විට ධීවරයන් සිට ඇත්තේ වෙරළේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරිනි.
පසුව තුවාල ලැබූ ධීවරයා වහාම රෝහල් ගත කර තිබේ.
දැඩි රුධිර වහනය හේතුවෙන් ඔහු බේරා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වීම කණගාටුවට කරුණක් බව යාපනය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජමුනානන්ත සිවනාදන් සඳහන් කළේය.
මෙම මසුන් සාමාන්‍යයෙන් ඉහළට පනින්නේ සතුරන් මග හැරීමට හෝ ඔවුන්ගේ පරිසරයේ සැරිසැරීමට මිස පහරදීමේ අරමුණකින් නොවන බව පැවසේ.
පසුගිය වසරේදී ද මොරල්ලකු ගැටීමෙන් යාපනයේ තවත් ධීවරයකුගේ උදරයට තුවාල සිදුවී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart