
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොදන්නා බව වාර්තා වේ.
අද සවස පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නව ක්‍රිකට් අතුරු කමිටු සභාපති අර්ජුන රණතුංග පවසා ඇත්තේ, ක්‍රිකට් පරිපාලනය මෙහෙයවූ දූෂිත ක්‍රිකට් නිලධාරීන් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සිටින්නේ කොතැනක දැයි රටේ ජනතාවට දැකබලා ගැනීමට එය හොඳ අවස්ථාවක් වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart