
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් ආරවුලක් මත ගම්පහ ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් ඇයගේ පියා විසින් පසුගියදා ඝාතනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
දරුවාගේ මව විසින් ඇය අතුරුදන් බවට කළ පැමිණිල්ලකට අනුව ඇයගේ නිවසේ ඉදිකරමින් පවතින වැසිකිළි වළක තිබී දරුවාගේ සිරුර සොයා ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ දෙවැනි සැමියා ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු මෙම ඝාතනය සිදුකළ බව පාපොච්චාරණය කර තිබේ.
පෙදරේරුවකු වන සැමියා විසින් උකස් කර තිබූ තමාගේ ස්වර්ණාභරණ නිදහස් කර ගැනීමට මෙම කාන්තාව තම දියණියට මුදල් ලබාදී පියා සමග ගොස් එය නිදහස් කර ගන්නා ලෙස පවසා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.
අදාළ කාන්තාව මුදල් ලබාදී රැකියාවට පිටත්ව ගොස් ඇති අතර, පසුව දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ඇයගේ දෙවැනි සැමියා දරුවාගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කර තිබේ.
ආරවුල අතරතුර එම පුද්ගලයා දරුවා බිමට තල්ලු කරමින් පහරදී මුදල්ද රැගෙන නිවසින් පිටව ගොස් ඇත.
ආපසු පැමිණි පසු සැකකරු දරුවා මියගොස් සිටිනු දැක ඇයගේ සිරුර ඉදිකරමින් පවතින වැසිකිලි වළට දමා තිබේ.
දැරිය අතුරුදන් නිසා මව සැකකරුගෙන් ඇය සිටින ස්ථානය පිළිබඳ විමසා ඇති අතර එහිදී එම පුද්ගලයා පවසා ඇත්තේ ඇය යහළුවකුගේ පවුලේ පිරිස සමඟ නිවාඩුවක් ගත කිරීමට ගිය බවයි.
පසු දිනද දැරිය නොපැමිණීම නිසා කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිස් පරීක්ෂණවලදී දැරියගේ සිරුර ඊයේ ගොඩ ගැනීමත් සමග මෙම මරණය අනාවරණ වී තිබිණි.
සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart