
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් ප්‍රදේශයේ පවුලක පුද්ගලයන් හය දෙනෙකු ඊයේ (බදාදා) හිමිදිරි පාන්දර ඉන්දියාවේ ධනුෂ්කොඩි අසල සේරංගොට්ටෙයි වෙරළට ගොඩබැස තිබේ.
රාමේෂ්වරම් වෙරළබඩ පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පවුලේ සාමාජිකයකු වන 45 හැවිරිදි සිවරාජා ප්‍රකාශ කර ඇත්තේ රැකියාවක් නොමැතිව ඔවුන්ට සහල් සහ කිරි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා මිලදී ගැනීමට නොහැකි වූ බවයි.
“මිල ගණන් ඉතා ඉහළයි. සහල් කිලෝ එකක මිල රුපියල් 260ක් පමණ වෙනවා,” යනුවෙන් ඔහු පවසා ඇත්තේ දරුවන් තිදෙනෙකු සමඟ, ඔවුන්ට ජීවත්වීම ඉතා දුෂ්කර වූ බවයි.
ඔහුගේ බිරිඳ ජයගෞරි පවසා ඇත්තේ ඔවුන් බෝට්ටුකරුවකුට ශ්‍රී ලංකා රුපියල් 25,000ක් ගෙවා ෆයිබර් බෝට්ටුවකින් සේරංගොට්ටායි වෙරළට පැමිණි බවයි.
මීට වසර දෙකකට පමණ පෙර ඇති වූ ආර්ථික අර්බුදයකින් පසු ශ්‍රී ලංකාව හැර ගිය පුද්ගලයන් 300ක් පමණ මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ජීවත් වන බව ඉන්දීය නිලධාරීහු පවසති.
තමිල්නාඩු රජය ඔවුන්ට නවාතැන් සපයා ආහාර වැනි මූලික පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත.
මුලදී පොලිසිය විදේශ ගමන් බලපත්‍ර පනත යටතේ නඩු පවරා ඔවුන් අධිකරණ භාරයට යැවීමට කටයුතු ආරම්භ කළ ද පසුව රජය එවැනි ක්‍රියා අත්හැරීමට තීරණය කර ඇත.
ඔවුන් රජයේ සහන අපේක්ෂා කරන බැවින් ඔවුන්ට දඬුවම් නොකළ යුතු බවට තීරණය කර තිබේ.
මධ්‍යම රජය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කළ ද සරණාගත මධ්‍යස්ථානයේ රැඳී සිටින පිරිසට තවදුරටත් සිටිය හැකි බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart