
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් විසින් සම්මුඛ සාකඡාවකදී කළ ප්‍රකාශයක් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා සංස්කරණය කර යොදා ගැනීම පිළිබඳ ඔහු විසින් හෙළිදරව් කර තිබේ.
තමන් දේශීය රූපවාහිනී නාලිකාවක් සමග පැවති තරඟ සම්මුඛ සාකච්ඡාව ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කරන වීඩියෝවකට හඬ කවා යොදාගෙන ඇති බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් මැතිව්ස් ප්‍රකාශකර ඇත්තේ එය “සම්පූර්ණ වංචාවක්” බවයි.
“මෙය මිනිසුන් රවටා මගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ ද්වේෂසහගත උත්සාහයක්. මෙම වංචාකරුවන් ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ජාලයකින් සංස්කරණය කළ වීඩියෝවක් භාවිත කර තිබෙන්නේ ! කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරනවා,” යනුවෙන් ඔහු සිය සටහන මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart