
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පහර කෑමට ලක්ව බරපතළ තුවාල ලැබූ බීමත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව දුන්ගල්පිටිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, උතුරු පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වියේ පසුවූ අයෙක් බව වාර්තා වේ.
මෙම පුද්ගලයා පසුගිය 08 වනදා පස්වරුවේ බීමතින් පැමිණ පුද්ගලයකු සිපගැනීමට යෑමේ දී ඊට උරණ වූ එම පුද්ගලයා විසින් මොහුට පහර දී ඇති බව දුන්ගල්පිටිය පොලිසිය සඳහන් කර ඇත.
එහිදී බරපතළ තුවාල ලැබූ බීමතින් සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
පහරදීමට සම්බන්ධ බව කියන 37 හැවිරිදි පුද්ගලයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මේ අතර පහර කෑමෙන් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බව පොලිසිය සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart