
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
28 හැවිරිදි වෛද්‍යවරියකට රාජකාරියේ යෙදී සිටියදී ලිංගික අතවර කළ බව කියන අරණායක දිසා රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ 45 හැවිරිදි වෛද්‍යවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
වින්දිත වෛද්‍යවරියගේ පියාගේ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඇය පසුගියදා වෙනත් රෝහලකින් අරණායක දිසා රෝහලට මාරුකර තිබේ.
තමන් රාජකාරියේ යෙදී සිටියදී සැකකාර වෛද්‍යවරයා තමාව අනිසි ලෙස ස්පර්ශ කළ බවට වින්දිත වෛද්‍යවරිය චෝදනා කරයි.
වෛද්‍යවරිය සහ සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි තවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අදාළ වෛද්‍යවරිය කෑගල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂාවට ලක්කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart