
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර මිලියන ගණනක් ඉපැරණි, කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී තිබේ.
ස්වාභාවිකවම චූඩා මාණික්‍යයක හැඩය ගන්නා මේ පළිඟුව කැරට් 110,000ක් තරම් වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ගණන්බලා ඇත.
ශ්‍රී ලංකා භූමියේ පෞරාණික පිහිටීම පිළිබඳව මේ පළිඟුව පරීක්ෂණයකට භාජනය කිරීමෙන් කරුණු සොයාගත හැකි බවත්, මෙරට ඉතිහාසය පිළිබඳ වැළලී ඇති අතීත තොරතුරු ඉන් අනාවරණය කරගැනීමට හැකි බවත් මෙහි හිමිකරු සඳහන් කරයි.
ඇතුළත දිය බුබුළක් සහිත Enhydro ස්ඵටික සෞඛ්‍ය සම්පන්න බව වැඩිදියුණු කිරීම සඳහා මිල දී ගැනීමට අතීතයේ පටන් ධනවතුන් කටයුතු කර තිබේ.
බොහෝවිට මේවා මිල දී ගෙන තනි තනි පුද්ගලයන් වශයෙන් පාවිච්චි නොකර, විශාල පිරිසකගේ නෙත ගැටෙන කෞතුකාගාරයක හෝ පෞරාණික වස්තු ප්‍රදර්ශන භූමියක රඳවා තැබීමට මේවාට ළැදි පිරිස් කටයුතු කරනු දක්නට ලැබේ.
මිනිස් සිරුරට ප්‍රයෝජනවත් වන කිරණ මේ පළිඟුව පරාවර්තනය, විස්තාරණය, අවධානය, ශක්තිය සම්ප්‍රේෂණය සිදු කරන බවත් ලෙඩ රෝග සුව කිරීම සහ ශරීර මානසික සුවතාව ඇති කරගැනීම සඳහා චිත්තවේගී සහ මානසික යහපැවැත්ම සඳහා මෙම පළිඟුව දෙස බලා සිටීමෙන් වුවද යහපතක් සිදු වන බව පැරැණියන්ගේ විශ්වාසයයි. (දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart