August 14, 2026

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය හෝටලයක උත්සව ශාලාවක් (Banquet Hall) තුළ සිටි කිඹුලකු හමුවීමේ පුවතක් වාර්තා වේ.

මෙම සිදුවීම වන අවස්ථාවේ අදාළ ශාලාවේ කිසිදු උත්සවයක් පැවැත්වෙමින් තිබී නොමැති අතර, කිඹුලා කෙසේ හෝ ශාලාව ඇතුළටම පැමිණ තිබේ.

සිද්ධිය දුටු වහාම ක්‍රියාත්මක වූ හෝටල් කාර්ය මණ්ඩලය අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, පසුව සාර්ථකව කිඹුලාව එම පරිශ්‍රයෙන් ඉවත් කරගෙන ඇත.

වාසනාවකට මෙන් මෙම සිදුවීමෙන් කිසිදු පුද්ගලයකුට හානියක් හෝ හෝටල් පරිශ්‍රයට අලාභහානියක් සිදු වී නොමැති බව වාර්තා වේ.