
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පහළොස් හැවිරිදි සිසුවියකට ජංගම දුරකථන අංකය ලබාදුන් බවට සැකකර, චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයකුට යුවළක් පහරදී ඇත.
පහරකෑමට ලක්වූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පොලිස් සීසීටීවී කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වේ.
ඉංගිරිය නගරය හරහා ගමන් කරමින් තිබූ බස් රථයට ගොඩ වූ යුවළක් මෙලෙස පහර දී ඇති අතර, පසුව එම පහරදීම වැරදීමකින් සිදුවූ බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔවුන් බස් රථයෙන් බැස පළාගොස් තිබේ.
මෙලෙස පහර දුන් යුවල හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart