
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් නිධියක් සඳහා ගවේෂණ අයිතිය ලබා ගැනීමට ඉන්දියාව උත්සාහ කරන බව AsiaNews වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව ඉන්දීය වෙරළට කිලෝමීටර් 1,350ක් පමණ ඔබ්බෙන් මාලදිවයිනට නැගෙනහිරින් මධ්‍යම ඉන්දියන් සාගරයේ මෙම කොබෝල්ට් බහුල නිධිය පිහිටා ඇත.
එය පිහිටි මුහුදු තීරයේ ගවේෂණය සඳහා අනුමැතිය ලබා ගැනීමට ඉන්දියාව මුහුදු පතුල සම්බන්ධ අන්තර්ජාතික අධිකාරිය වෙත ගොස් ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
මුහුදු පතුල සම්බන්ධ අන්තර්ජාතික අධිකාරිය යනු 1982 එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය යටතේ පිහිටුවන ලද අන්තර් රාජ්‍ය ආයතනයකි.
නවීන තාක්‍ෂණයන් සඳහා ඉන්දියාව මේ මොහොතේ චීනය සමඟ තරඟකාරීත්වක සිටී.
කෙසේවෙතත් AsiaNews වාර්තා කරන්නේ බලශක්ති සංක්‍රාන්තිය ඇතුළු නවීන තාක්‍ෂණයන් සඳහා තීරණාත්මක ඛනිජ නිස්සාරණය කිරීමට ශ්‍රී ලංකාවට ද අවශ්‍ය වී ඇති බවයි.
ලැප්ටොප්, ස්මාට් ජංගම දුරකථන සහ විදුලි වාහන වල බැටරිවලද ජෙට් එන්ජින් සහ ගෑස් ටර්බයිනවලද කොබෝල්ට් භාවිත වේ.
සාමාන්‍යයෙන් රටක ස්වෛරීභාවය එහි වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් (කිලෝමීටර් 370) දක්වා විහිද පවතී.
සුවිශේෂී ආර්ථික කලාපය ලෙස හැඳින්වෙන එම ප්‍රදේශයේ වෙනත් රටවල නැව්වලට බාධාවකින් තොරව යාත්‍රා කළ හැකි වුවද එම ප්‍රදේශයේ ඇති අදාළ රටට ආර්ථික වශයෙන් වැදගත් සම්පත් ලබාගත නොහැකිය.
ශ්‍රී ලංකාව එම බල ප්‍රදේශය නාවික සැතපුම් 200කින් පුළුල් කිරීමට 2009 දී මහාද්වීපික තටාක සීමා පිළිබඳ කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැත.
එම ඉල්ලීම පිළිගතහොත් අදාළ කොබෝල්ට් නිධිය පිහිටි ප්‍රදේශය ශ්‍රී ලංකාවේ නාවික සීමාවට වැටේ.
එම කොබෝල්ට් නිධිය වර්ග කිලෝමීටර් 3,000ක් පුරා කුට්ටි 150කින් පැතිරී ඇති බව පැවසේ.
අන්තර්ජාතික පුනර්ජනනීය බලශක්ති නියෝජිතායතනයේ දත්තවලට අනුව, ලෝකයේ කොබෝල්ට්වලින් සියයට 70ක්, ලිතියම් සහ මැන්ගනීස්වලින් සියයට 60ක් මෙන්ම අනෙකුත් තීරණාත්මක ඛනිජ ද පවතින්නේ චීන පාලනය යටතේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart