
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට අමෙරිකානු තානාපති කාර්යාලය දෙසට දිගු කරන ලද කොල්ලුපිටිය මැරීන් ඩ්‍රයිව් කොටස, උත්සව පැවැත්වීම සඳහා කදිම ප්‍රදේශයක් වනු ඇති බවත් මැරීන් ඩ්‍රයිව් හි පළමු වරට පැවැත්වෙන හැපි ස්ට්‍රීට් ඉසව්ව ජුනි 29 වැනි දින පැවැත්වෙන බවත් එහි ප්‍රධාන සංවිධායකයන්ගෙන් කෙනෙකු වන එම්. මනෝජ් ප්‍රකාශ කර තිබේ.
මෙම ඉසව්ව, ‘මැරීන් ඩ්‍රයිව් කමින් ටු ලයිෆ්’ ලෙසද හැඳින්වේ.
උදෑසන 6-11 දක්වා සහ සවස 4-11 දක්වා වශයෙන් කොටස් දෙකකින් එය වේදිකා ගත කිරීමට නියමිතය.
ඩාර්කොඩ් එන්ටර්ටේන්මන්ට් උත්සව සංවිධායක සමාගමේ එම්. මනෝජ් පැහැදිලි කළේ, “මෙය ආරම්භ කිරීමට නියමු ව්‍යාපෘතියක් වෙයි. මාර්ග දෙපස විනෝදාස්වාද ක්‍රියාකාරකම් සහ ආහාර වෙළඳසැල්වලින් පිරී තියෙයි. මාර්ගය අවසානයේ සකස් කරන වේදිකාවක කලාකරුවන් රඟ දක්වනු ඇති. මෙය නොමිලේ වාහන නැවැත්වීමට අවස්ථාව ඇති උත්සවයක් ලෙස ක්‍රියාත්මක වෙයි” යනුවෙනි.
එම මීටර් 600 කොටස සිය ගණනක් ආහාර වෙළඳසැල් සහ විවිධ ක්‍රියාකාරකම් එනම් සුම්බා සිට යෝග සැසි සහ තවත් බොහෝ දේවලින් පිරී යනු ඇත.
ඉන්ස්ටග්‍රෑම් හි පමණක් පත්‍රිකා සහ පෝස්ටර් දැනටමත් බෙදාගෙන ඇති අතර ඒවා ශීඝ්‍රයෙන් ජනතාව අතරට යමින් තිබේ.
ප්‍රධාන වේදිකාව කාලයට ගැළපෙන සිදුවීම් වේදිකා ගත කරනු ඇත.
එනම්, උදෑසන, සුම්බා සිට යෝග සැසි දක්වා ක්‍රියාකාරකම්වලින් ආරම්භ වී දවස ඉදිරියට යත්ම, කලාකරුවන්ගේ විවිධ අංග පවත්වනු ඇත.
දවස පුරා, සහභාගිවන්නන් උද්යෝගිමත් කර විනෝදාස්වාදය ලබා දීම සඳහා සිදුවීම් සංවිධානය කර ඇති බව ඔහු පැවසීය.
“යාපනය, ගාල්ල, මහනුවර සහ නුවරඑළිය වගේ ප්‍රදේශවලිනුත් අපට කොළ එළියක් ලැබී තිබෙනවා,” යැයි ඔහු හෙළි කළේය.
මෙම සංකල්පය චෙන්නායි සහ මුම්බායි වීදිවල ආකෘතියට සමීප වන අතර, මැරීන් ඩ්‍රයිව් තමන්ගේම ක්‍රමයකට ක්‍රියාත්මක වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart