
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෘද රෝගීන් 8000ක් පමණ ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටියදී මහනුවර ජාතික රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයක් ක්‍රියා විරහිතව පවතින බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේය.
මහනුවර ජාතික රෝහලේ එවැනි ඒකක දෙකක් පවතින බවත්, ඉන් එක් ඒකකයක් මෙලෙස ක්‍රියා විරහිත වීම නිසා රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔහු පැවසීය.
දිවයින පුරා පිහිටි බොහෝ රෝහල්වල රෝග විනිශ්චය සඳහා අවශ්‍ය යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ද අක්‍රියව පවතින බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේ, ක්‍රියා විරහිත වූ බොහෝ යන්ත්‍ර අලුත්වැඩියා කර ඇති බවයි.
ඉතිරි යන්ත්‍ර ද මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart