
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් තෝරාගෙන තිබේ.
භානුක රාජපක්ෂ සහ නිරෝෂන් දික්වැල්ල ,විජයකාන්ත් වියස්කාන්ත් එම සංචිතයට නම් කර ඇත.
අයි.පි.එල්. තරගාවලියට සහභාගි වී සිටින නුවන් තුෂාර, දුශ්මන්ත චමීර, විජයකාන්ත් වියස්කාන්ත්, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයන් පස් දෙනා හැරුණු කොට අනෙක් ක්‍රීඩකයෝ මේ දිනවල කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සිය පුහුණුවීම් කටයුතුවල නිරත වෙමින් සිටිති.
අවසන් ක්‍රීඩකයන් 15 දෙනා තෝරාගැනීම වෙනුවෙන් මැයි මස 02දා සිට අන්තර් සංචිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ද තේරීම් කමිටුව සුදානම් වන බව ද වාර්තා වේ.
නම් කර ඇති මුලික සංචිතය මෙසේයි;
පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, විජයකාන්ත් වියස්කාන්ත්, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ප්‍රමෝද් මදුශාන්, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart