
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන්ගේ මධුසමය ගත කිරීමට මුදල් සොයාගැනීමේ අරමුණින්, කූට සැමියාගේ උපදෙස් මත ව්‍යාපාරිකයෙකුගේ ATM පත් සොරකම් කළ 26 හැවිරිදි තරුණ මනාලියක් අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාළ සැකකාර තරුණියගේ සැමියා අදාළ ව්‍යාපාරිකයාගේ ඉදිකිරීම් භූමියක සේවය කළ මේසන්වරයකු වන අතර, ඔහු ව්‍යාපාරිකයා හොඳින් හඳුනන අයෙකි. හදිසි අවශ්‍යතාවයකට කොළඹට එන තම බිරිඳට එක් රැයක් නවතින්නට ඉඩ දෙන ලෙස ඔහු ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති අතර, තමන් නිවසේ තනිව වෙසෙන බැවින් මවද කැටුව එන්නේ නම් පමණක් නවතින්නට ඉඩ දිය හැකි බව ව්‍යාපාරිකයා පවසා ඇත.
ඒ අනුව, තරුණිය සහ ඇගේ මව ව්‍යාපාරිකයාගේ නිවසට ඇරලවා ඇති සැමියා, ව්‍යාපාරිකයාගේ ATM කාඩ්පත් සොරකම් කරන ලෙස තරුණියට රහසේ උපදෙස් දී තිබේ. පසුදින උදෑසන ATM කාඩ්පත් දෙකක්ද සොරකම් කරගෙන දෙදෙනා නිවසින් පිටව ගොස් සැමියා හමුවී ඇත.
පළමුවෙන්ම රුපියල් 50,000ක මුදලක් ලබාගෙන කසාදය ලියාපදිංචි කර ඇති මෙම අලුත බැඳපු ජෝඩුව, වාද්දුව ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක මධුසමය ගත කර තිබේ.
මධුසමයෙන් පසු ඔවුන් වැලිගම බලා යමින් සිටියදී, වෙනත් වරෙන්තුවක් සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා මත සැමියාව වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැමියා අත්අඩංගුවට පත්වීමෙන් පසු මාතරට ගිය තරුණිය, සොරකම් කරන ලද ATM පත්වලින් නැවතත් මුදල් ලබාගෙන ජංගම දුරකථන දෙකක් සහ රත්තරන් බඩුද මිලදී ගෙන තිබේ.
ව්‍යාපාරිකයා කළ පැමිණිල්ලකට අනුව බැංකුවල CCTV දර්ශන පරීක්ෂා කළ අතුරුගිරිය පොලිසිය, හම්බන්තොට සිරිබෝපුර පදිංචි එක්දරු මවක් වන මෙම 26 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති නාරද ප්‍රනාන්දුගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අභිෂේක් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart