
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත නව යොවුන් වියේ දරුවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 6ක් ළඟ තබාගෙන සිටි නොච්චියාගම ප්‍රදේශයේ 17 හැවිරිදි පිරිමි ළමයකු පෙරේදා(25) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මොහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිසියට හමුවී තිබේ.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ තවත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසියට හැකිවී තිබිණි.
සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 08ක් සහ ව්‍යාජ රුපියල් 500 නෝට්ටු 149ක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 49 සහ 54 යන වයස්වල පසුවන වන්නන්ය.
ඔවුන් හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තඹුත්තේගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart