
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ සහ ආණ්ඩුවේ ප්‍රධාන නිල තලයක් දරණ අයෙකු යම් ප්‍රකාශයක් සිදු කරන්නේ නම් ඔහු හෝ ඇය ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය ලබා දුන් දත්ත අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමත් සමග උද්ගත වී තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එම තොරතුරු සම්බන්ධයෙන් මේ වනවිට පරස්පර මතවාද ඉදිරිපත් වෙමින් ඇති බවත්, චන්ද්‍රිකාව සම්බන්ධයෙන් තමන්ට ලද තොරතුරු ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරියට ද තමන් ඉදිරිපත් කළ තොරතුරු සම්බන්ධයෙන් වගකීමක් පවතින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
රටේ ඉහළ නිලතලයක් දරණ අයෙකු වගකිව යුතු ප්‍රකාශයක් සිදු කළ විට ඒ සම්බන්ධයෙන් තර්ක විතර්ක සිදු නොවන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එවන් තත්වයක් තුළ ඉදිරිපත් කළ තොරතුරුවල පරස්පරතා පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදු කිරීම අවශ්‍ය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart