August 16, 2025

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව සඳහා පිළිතුරු ලබා දිය යුතු වන්නේ ආණ්ඩුව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ විපක්ෂයට සිදුව ඇත්තේ ආණ්ඩුව පවසන දේ අසා සිටීම බවයි.

ආයෝජන මණ්ඩලය එම චන්ද්‍රිකාව සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කර ඇත්තේ නිල වශයෙන් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එම තොරතුරු සම්බන්ධයෙන් පරස්පර අදහස් ඉදිරිපත් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් අවශ්‍ය බව ද මන්ත්‍රීවරයා පැවසීය.