
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඩුවෙල, කොරතොට, තුනන්දහේන ප්‍රදේශයේ ගසක් යට දමා ගොස් තිබූ පාර්සලයක තිබී ටී-56 වර්ගයේ ව්‍යාජ ගිනි අවි තුනක්, ව්‍යාජ බ්‍රව්නින් පිස්තෝල පහක්, ටී-56 වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන සැබෑ මැගසිනයක් සහ ජීව උණ්ඩ හතක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත නවගමුව පොලිසිය විසින් මෙම වැටලීම සිදු කරන ලද අතර, ඒවා සැබෑ ගිනි අවි බවට මුලින් විශ්වාස කෙරිණි.
මේ අතර, අදාළ ගිනි අවි සහ පතොරම් ප්‍රවාහනය සහ බැහැර කිරීම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රථයක් සොයාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වෙමින්, පාර්සලය ලබා ගැනීමට සැකකරුවකු පැමිණෙනු ඇතැයි යන සැකය මත සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ප්‍රදේශය පුරා ගිනි අවි පාර්සලය තිබූ ස්ථානය පරීක්ෂා කිරීමට යොදවා තිබිණි.
කෙසේවෙතත්, දහවල් වන තුරු මුර සංචාරයේ යෙදී සිටියද, පාර්සලය ගැනීමට කිසිවකු පැමිණ නැත.
ඒ අනුව, ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් සහ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් එම ස්ථානයට කැඳවා පාර්සලය පරීක්ෂා කිරීමේදී, එම ගිනි අවි ව්‍යාජ ඒවා බවත්, ටී-56 මැගසිනය සහ උණ්ඩ හත පමණක් සැබෑ ඒවා බවත් අනාවරණ විය.
පොලිසිය පැවසුවේ ව්‍යාජ ගිනි අවි ග්‍රීස් ආලේප කර පොලිතින්වලින් ඔතා සැබෑ ගිනි අවි ලෙස පෙනෙන පරිදි තබා ඇති බවයි.
මෙම ව්‍යාජ ගිනි අවි එම ස්ථානයට ගෙනැවිත් යම් කෙනෙකුට විකිණීම සඳහා එහි දමා ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart