
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා විසින් මෙහෙයවන පාතාල කල්ලියට යුදහමුදා කොමාන්ඩෝ බළකායෙන් පළා ආ සෙබළුන් 18 දෙනකු කුලී ඝාතකයන් ලෙස බඳවාගෙන සිටින බව විශේෂ විමර්ශනයකදී හෙළි වී ඇත.
මෙසේ බඳවාගත් හිටපු කොමාන්ඩෝ සෙබළුන් අතරින් 09 දෙනකු පමණ මේ වනවිට පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර සිටින බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි.
හිටපු කොමාන්ඩෝ සෙබළුන් යොදාගෙන කුලී ඝාතකයන් කල්ලියක් බිහිකිරීමේ මූලිකයා ලෙස කටයුතු කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ කල්ලියේ මහමොළකරු ලෙස සැලකෙන කොමාන්ඩෝ සලින්ත විසින් බවද අනාවරණය වී ඇත.
මෙම කුලී ඝාතකයන් ලෙස සිටින සියලුම හිටපු කොමාන්ඩෝ සෙබළුන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බව පැවැසේ.
මොවුන්ට පාවිච්චිය සඳහා මත්ද්‍රව්‍ය ලබා දී ජීවත්වීමට මුදලක් ද මාසිකව ලබාදී තමන්ට අවශ්‍ය වේලාවන්වලදී කුලී ඝාතකයන් ලෙස මොවුන් යොදාගැනීමට පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත සැලසුම් කරගෙන සිටින බව වාර්තා වෙයි.
පද්මේගේ කල්ලියට සම්බන්ධ වී සිටින හමුදාවෙන් පළාගිය කොමාන්ඩෝ සෙබළුන් බොහෝදෙනෙක් පිළිබඳ තොරතුරු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් හෙළිකරගෙන සිටින අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
පාතාල නායක ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩිතබා ඝාතනය කර තිබුණේද හමුදාවෙන් පළාගිය කොමාන්ඩෝ සෙබළකු විසින්ය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart