
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) සඳහා වසර ගණනාවකට පෙර ආනයනය කරන ලද බස් රථ 35 න් නවයක් ඊයේ කටුබැද්ද ඩිපෝවේ දී ප්‍රතිසංස්කරණය කර නැවත සේවයට එක්කරන ලදී.
එම ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 375ක් වැයකර ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ, ඉතිරි බස් රථ ප්‍රතිසංස්කරණයට ලක්වෙමින් පවතින අතර අමතර කොටස් දැනටමත් මිලදී ගෙන ඇති බවයි. ඉදිරි මාස තුන ඇතුළත ඒවා නැවත සේවයට පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාසය පළකළේය.
“චෝගම් සමුළුව සඳහා ගෙනඑන ලද මේ බස් රථ සේවයෙන් ඉවත් කර තිබුණා. අද වන විට ඒවායින් නවයක් ප්‍රතිසංස්කරණය කර නැවත සේවයට යොදවා තිබෙනවා, ගාල්ල, මාතර සහ මහනුවර වැනි ගමනාන්ත වෙත දිගු දුර සේවා සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා. මෙම බස් රථ මුලින් කිලෝමීටර් 5,000 ක කෙටිදුර සේවා සඳහා භාවිතා කරනවා. පසුව ඒවා දුර ගමන් මාර්ග සඳහා යොදවනවා ”නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ජනතාවට විශ්වාසදායක පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම වෙනුවෙන් ඉතිරි සියලුම CHOGM බස් රථ හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ කරන බව ඔහු පැවසීය.
ජනාධිපතිවරයාගේ දැක්මට අනුකූලව, ආදායම් නොලබන ග්‍රාමීය මාර්ග සඳහා රාජ්‍ය ආධාර යටතේ බස් රථ යෙදවීමෙන් ග්‍රාමීය ප්‍රවාහනය පුළුල් කිරීමට රජය සැලසුම් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart