
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුලතිව් ප්‍රදේශයේ තරුණයකුගේ ආන්දෝලනාත්මක මරණය සම්බන්ධයෙන් විරෝධය පා ඉලංකෙයි තමිල් අරසු පක්ෂය විසින් අද කැදවා තිබූ හර්තාලය අතිසාර්ථක වූ බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් පවසයි.
‘X’ හි සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් කියාසිටියේ මේ සම්බන්ධයෙන් රජය ලබා දුන් සහතිකය අනුව අද හර්තාලය දහවල් 12 දක්වා පමණක් සීමා කිරීමට තීරණය කළ බවයි.
“කැබිනට් ප්‍රකාශකවරයා විසින් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසූ පරිදි ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සහ හමුදා කඳවුරු ඉවත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලබා දුන් සහතිකය මත අපි හර්තාලය දහවල් 12 දක්වා සීමා කිරීමට තීරණය කළෙමු,” යනුවෙන් ඔහු එම සටහනෙන් දක්වා තිබේ.
උතුර නැගෙනහිර වෙළඳසැල් හිමියන්ට තම ව්‍යාපාර විවෘතව තබා ගන්නා ලෙසට ජාතික ජනබලවේගයේ සාමාජිකයන් තර්ජනය කර ඇති බවත් ඔවුන්ගේ එම ක්‍රියාකලාපය හෙළාදකින බවත් ශානකියන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මෙවැනි බියගැන්වීම් පැහැදිලිවම විරෝධතා දැක්වීමේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමක් බව ද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart