
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීන්ගේ විශ්රාම වැටුප් කප්පාදුවට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව ගැන නැවත සළකා බලන මෙන් විශ්රාමික පාර්ලිමේන්තු මන්ත්රීන්ගේ සංසදයේ සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
මේ වන විට විශ්රාමික මන්ත්රීන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490ක් පමණ මෙම විශ්රාම වැටුප් ප්රතිලාභය ලබති.
ඔවුන්ගෙන් බහුතරය එම වැටුපෙන්ම ජීවත්වන සෑහෙන දිළිඳු තැනැත්තන් බව පවසන කරූ ජයසූරිය, මේ අතර ප්රධාන පෙළේ පක්ෂ නායකයන් 4 දෙනකුද සිටින බවද අවධාරණය කළේය.
මහජන නියෝජිතයන් ලෙස පත්වන තැනැත්තන් සියල්ලන්ම සොරුන් හෝ වංචනිකයන් නොවන බැවින් ඉතා අසීරුවෙන් දිවිගෙවන මෙම පිරිස් ගැන කරුණා සහගතව ක්රියාකළ යුතු යැයි පැවසූ හිටපු කතානායකවරයා, විශ්රාමික මහජන මන්ත්රීන්ට විශ්රාම වැටුප් ගෙවීම ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය සහ යුරෝපය ආදී බොහෝ රටවල සිදුවන කටයුත්තක් බවද සඳහන් කළේය.
ඇතැම් හිටපු මන්ත්රීවරුන් ආහාර සහ ඖෂධ ලබාගන්නේද මෙම විශ්රාම වැටුපෙන් බවද ඔහු පැවසීය.
ආණ්ඩුව විශ්රාම වැටුප සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට පෙර මෙම කරුණු ගැන ද අවධානය දැක්විය යුතු යැයි කරූ ජයසූරිය වැඩිදුරටත් කීය.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart