
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ඉදිකිරීම් නතරකර ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ලෙන් මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප්‍රියශාන්ත ‘ඉරිදා ලංකාදීප’යට පවසා ඇත.
අවස්ථා කිහිපයකදී ගොඩනැගිල්ලේ සිට බිමට පතිතවූයේ එයට අමුණා තිබූ යකඩ කැබලි බව ද, මේ වනවිට අවදානම් සහගත එවැනි අබලි ද්‍රව්‍ය ඉවත්කර ඇති බව ද ඔහු පවසා තිබේ.
මෙම ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කළ ඉන්දියානු ආයෝජකයා (ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පෞද්ගලික සමාගම) ව්‍යාපෘතියෙන් ඉවත් වීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවත්, ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් හෙතෙම අනාවරණය කර ඇත.
ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට අධිකරණය හමුවේ පවරා ඇති නඩු අවසන් වූ පසු ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා හෙළිකර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුවේ චැතැම් වීදියේ අංක 114 දරන මෙම ඉඩම 99 අවුරුද්දකට අදාළ ඉන්දියානු ආයෝජන සමාගම වෙත බදුදුන් අතර එහි ලංකාවේ උසම ගොඩනැගිල්ල ඉදිකිරීමට සැලසුම් කර තිබිණ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart