
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවල ඉහළම නිලධාරීන් විසින් භාර දී ඇති වත්කම් පිළිබඳ වාර්තා පුළුල් විමර්ශනයකට ලක්කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවන්ට අනුව, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සියලු වත්කම් වාර්තා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සතුව පැවතිය යුතු අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සියලු වාර්තා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ පැවතිය යුතුය.
මේ ලිපිගොනුවලට ප්රවේශවීමේ හැකියාව ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ ආදායම් බදු දෙපාර්තමේන්තුවට පමණි.
පසුගිය කාලයේදී මේ දෙපාර්තමේන්තු දෙකේම නිලධාරීන්ට එරෙහිව බරපතළ දූෂණ චෝදනා එල්ල වූ අතර, ඒ අතුරින් අල්ලස් චෝදනා ප්රමුඛ විය.
මේ නිසා දූෂණ විරෝධි පනතින් අල්ලස් කොමිසමට පැවරී ඇති බලතල යොදාගනිමින් මේ වත්කම් ලිපිගොනු පරීක්ෂා කිරීමට සැලසුම් කර තිබේ.
කෙසේවෙතත් මෙසේ අදාළ ලිපිගොනු සියල්ල පරීක්ෂා කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතා පවතින නිසා මුල් වටයේදී දෙපාර්තමේන්තු දෙකේ ඉහළම නිලධාරීන්ගේ ලිපිගොනු පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.
එම ලිපිගොනු පරීක්ෂා කිරීමට අදාළ පහසුකම් සපයාගැනීමේ නිල දැනුම්දීම් ලබන සතියේ සිදුකිරීමට නියමිත අතර, ඉන් පසු ඊට අදාළ විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart