August 15, 2025

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

නීතීඥ ප්‍රියන්ත වීරසූරිය ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා වන අතර, මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසුකරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයාද වේ.