
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වෙරළබඩ සටන් නෞකාවක් වන USS සැන්ටා බාබරා (LCS 32) හෙට (6) කොළඹ වරායට පැමිණෙන බව මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
මෙම නෞකාවේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.
එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාවල වර්ධනය වන ශක්තිය සහ කලාපීය සමුද්‍රීය ආරක්ෂාව සඳහා පොදු කැපවීම මම සංචාරය මගින් අවධාරණය කෙරෙන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.
ඉන්දු-පැසිෆික් කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යෑම සඳහා USS සැන්ටා බාබරා ඉන්ධන පිරවීම සහ නැවත සැපයුම් කටයුතු වෙනුවෙන් කොළඹ වරායට පැමිණීමට නියමිතය.
“USS සැන්ටා බාබරා ශ්‍රී ලංකාවට පැමිණීම එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ක්‍රියාකාරී සංකේතයක්. මෙම සංචාරය සමුද්‍රීය ආරක්ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා අපගේ පොදු කැපවීම පිළිබිඹු කරනවා,” යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් පැවසුවාය.
මෙම නෞකාව බටහිර පැසිෆික් සහ ඉන්දියානු සාගර හරහා ක්‍රියාත්මක වන ලොව විශාලතම බලඇණිය වන එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වැනි බලඇණියේ කොටසකි.
දැනට DESRON 7 යටතේ ක්‍රියාත්මක වන සැන්ටා බාබරා, ආක්‍රමණ වැළැක්වීම, හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ස්ථාවරත්වයට සහාය වීම සඳහා නිතිපතා මුර සංචාර පවත්වයි.
2021 දී ක්‍රියාත්මක කරන ලද USS සැන්ටා බාබරා, වෙරළබඩ පරිසරවල මෙහෙයුම් සඳහා නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලංකාව වැනි කලාපීය හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වර්ධනය කරන අතරම වෙරළබඩ කලාපවල එක්සත් ජනපද නාවික හමුදාවේ හැකියාවන් ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart